Tuesday, August 4, 2015
නුවණින් විමසන්ට පටන් ගන්නා තැන
පටිච්ච සමුප්පාදය විමසන්න පුරුදු වෙන්න... පටිච්ච සමුප්පාද ධර්මය නුවණින් මෙනෙහි කරන කෙනා ධර්මයේ ආරම්භයත් අවසානයත් මනාකොට පැහැදිලි කරගන්නවා. ආරම්භයේ සිටම පටිච්ච සමුප්පාද ධර්මය භාවනා වශයෙන් වඩන්න පුරුදු කරන්න ඕන.. මේක පටන් ගන්න හොද ම ක්‍රමය තිබෙන්නේ මහාපදාන සූත්‍රයේ යි..
සෑම බුදු රජාණන් වහන්සේ නමක් ම මුලින්ම නුවණින් විමසන්නේ ජරා මරණ ගැනයි. ජරා මරණ පිළිබද නිමිති දකින බෝසතාණන් වහන්සේලා ජීවිතය ගැන විමසන්නේ ඒ ගැන ම යි.
එහෙනම් අපිත් ජරා මරණ ගැන භාවනාවක් ලෙස වඩන්න පුරුදු වෙන්න ඕන.
බෝසතාණන් වහන්සේලා හිතන්නෙ මෙහෙමයි..
‘අහෝ! මේ ලෝක සත්වයා දුකට පත් වූයේ ය. උපදින්නේ ද වේ. ජරාවට පත්වන්නේ ද වේ. මැරෙන්නේ ද වේ. එසේ චුත ව යළි උපදින්නේ ද වේ. එනමුදු මේ ජරා මරණයෙන් යුතු දුකෙන් නිදහස් වීමක් නොදන්නේ ය. කවරදාක නම් ජරා මරණයෙන් යුතු මේ දුකෙන් නිදහස් වීමක් දකින්නට ලැබේවි ද?’
අන්න ඒ සංවේගය උපදවා ගන්න ඕන. අපට ජරා මරණ ගැන සංවේගයක් නෑ.. ජරාවට පත් නොවන සඤ්ඤාවෙන් අපි ජරාවට පත්වන කය පරිහරණය කරනවා. ලෙඩ නොවන සඤ්ඤාවෙන් අපි ලෙඩ වන කය පරිහරණය කරනවා... නොමැරෙන සඤ්ඤාවෙන් අපි ලෙඩ වෙන කය පරිහරණය කරනවා.. බලන්න මෙච්චර මුළාවක් සොදුරු ජීවිතයක් ලෙස වටහාගෙන අපි දුක් විඳින්න තරම් අභාග්‍ය ද??
අන්න ඒ නිසා මේ නුවණින් විමසන ධර්මය ගෞරවයෙන් ම පුරුදු කරන්න ඕන. අන්න ඒකේ ආරම්භය තමයි තමාගේ ජරාමරණ ජීවිතය ගැන නුවණින් විමසන එක.. අන්න එයා කලකදී තේරුම් ගන්නවා ඉපදීම නිසා ම යි ජරා මරණ දුක හටගන්නේ කියන ධර්මය..
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment