Monday, April 27, 2015

සත්පුරුෂ ධර්මය වඩන ආකාරය 01


තථාගතයන් වහන්සේ විසින් වදාළ මේ ධර්මය අවබෝධ කරන්නට කෙනෙක් සමත් වෙනවා නම් ඒ සත්පුරුෂයෙක් ම යි.

සත්පුරුෂයාට ලැබෙන කල්‍යාණ මිත්‍ර ඇසුර හරි ම සුන්දර එකක්. ඒකායන නිවන් මග අවබෝධ කරවන්නක්. සත්පුරුෂ ධර්මය

නොවැඩූ කෙනාට සත්පුරුෂ සංසේවනයට එන්න බැහැ. සත්පුරුෂයෙක් වීම සදහා  ඒ සත්පුරුෂ ධර්මය වඩන්නේ කෙසේ ද?

කළ ගුණ සැලකීමත් කළ ගුණ සිහි කිරීමත් යන මේවා යි. එතකොට කෙනෙක් කළ සලකනවා කියන්නේ, කළ ගුණ සිහි

කරනවා කියන්නෙ එතරම් බලවත් එකක්. අන්න  එයා කළ ගුණ දන්න කෙනෙක් බවට පත් වෙනවා. සත්පුරුෂ භූමියට පත්

වෙනවා.

බලන්න මේක හොදින් සිහි කරන්න ඕන එකක්. තමාට උපකාර කරන කෙනෙක් වේ නම් ඔහුට තමාට වඩා පහත් ගුණ

ඇත්නම්. ඔහුව ගැරහීමට ලක් කරන්න හොඳ නෑ. ගරහනවා කියන්නෙ එතන සත්පුරුෂ ධර්මය වැඩෙන්නැ. තමාට උපකාර

නැති තමාට වඩා පහත් ගති ගුණ ඇති කෙනාටත් ගරහන්න හොඳ නෑ. ඔහුටත් අනුකම්පාවක්මයි උපදවා ගන්න ඕන. මේව

කරන්න අමාරුයි. ඇයි ඒ? ගැටෙන සිත බලවත් කෙනාට ගැටීම හේතුවෙන් කළ ගුණ අමතක වෙනවා. ගරහනවා. පහත් කොට

කතා කරනවා. හෙළා දකිනවා. එහෙනම් නීවරණ අඩු කෙනාට, මෙත් සිත වඩන කෙනාට, මෛත්‍රි සහගත කාය වචී මනෝ

කර්ම කරන කෙනාට ගැටෙන සිත අඩුයි. අන්න එයාට ලාභයක් ලැබෙනව නොගැටී වාසය කරන්න. නොගැටෙන කෙනාට

පුලුවන් තමාට උපකාර කරන කෙනාගේ හො නොකරන කෙනාගේ අගුණ නොදැක ඉන්න. අගුණ නොදකින හිතක් ඇත්තා

ධර්මය අහනකොට ගුණ හිතන්න පුරුදු වෙනවා.

එහෙනම් බලන්න තමා වාසය කරන තැනක... ඕනැම තැනක ධර්මය පුරුදු කරන්න නම් මේ මෙත්සිත හරි වැදගත් වෙනවා.

මෙත් සිතින් ලැබෙන උපකාරය නිසා ගැටීම් අඩු සිතකින් වාසය කරන්න එයාට පුලුවන්. මෛත්‍රි සහගත කාය කර්ම

කරනකොට එයාට උපකාරය පිණිස සිත් උපදිනවා. මෛත්‍රි සහගත වචී කර්ම කරනකොට එයාට උපකාරය පිණිස වචන

උපදිනවා. එහෙම වාසය කරන කෙනා මෛත්‍රි සහගත මනෝ කර්මයේ  යෙදෙමින් වාසය කරනවා.

මෛත්‍රි සහගත කාය කර්ම මොනවාද? අන් අයගේ උපකාරය පිණිස හේතුවන වත් පිළිවෙත් කියන්නෙ මෛත්‍රි සහගත කාය

කර්ම නේද? තමා පරිහරණය කරන චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස (ගිහි පින්වතෙක්ගේ නම් පරිහරණය කරන දේවල්..

ඇදුම්, ආහාර, නිවාස, බෙහෙත් ආදිය තමා පරිහරණය කරන දේවල්..) යන මේවා පිළීවෙලට, අන් අයට අපහසුවක් නොවන

ආකාරයෙන් පරිහණය කරන එක මෛත්‍රි සහගත කාය කර්ම වෙනවා. ඒ වගේ ම තමා වාසය කරන සේවය කරන ආදී තැන්

වල පොදු කටයුතු වලට දායක වීම, ඒවායේ කුසල් සිතින් මෙත් සිතින් උපකාර කිරීම, මේ වගේ කාය කර්ම වලින් යුක්ත

වෙනවා නම් අන්න එයාගේ ප්‍රකට වෙන්නේ මොකද්ද? ගුණ දැකීමක්. ගුණ කල්පනා කිරීමක්. අන් ඒ විදිහට උපක්‍රමයෙන් ගුණ

දැකීමේ සිත උපදවාගන්න අප කටයුතු කලේ නැත්තං අපි කවදත් කරන වැඩ ටිකට යට වෙලා යනව..

ඉතින් බලන්න,  තමා කෙරෙහිත් අනුන් කෙරෙහිත් මෙත් සිතින් වාසය කිරිමේ ලාභය. ඒවගේ ම අපි මෛත්‍රි සහගත වචන

කතා කරනවා නම්.. කෙතරම් සංසිදීමක් ඇති වෙනවද.. කලබල කාරී ලෝකයේ, අනුන් කෙරේ අනුකම්පාවෙන් කතා

නොකරන ලෝකයේ මෛත්‍රි සහගතව වචන කතා කරන එක අමාරුයි කියල පේන්න පුලුවන්.. ඒත් බලන්න කලබලය නිසා

කේන්ති යනව, විහිලුව නිසා අනුන්ගෙ අඩුපාඩුව ඉස්මතු කරනව, මේව කර කර ගුණයක් කතා වෙන්න පුලුවන්ද? බැහැ නේද..

අන්න ඒ අනතුර හදුනාගන්න එකයි වැදගත්.. තමාට අවැඩ පිණිස පවතින වාචසික චර්යා හදුනාගෙන බැහැර කරන්න ශ්‍රාවකයා

උත්සාහ කරන්න ඕන. බලන්න.. වැඩපළක හෝ ගෙදරක වේවා.. කලබලය ප්‍රකට කරගෙනයි වැඩ කරන්නෙ.. නැත්නම් ඒ

ජීවත් වෙන රටාවට හුරු නිසා අමුරුතු උත් සාහයක් දරන්නැ නේද අපි, සිහියෙන් ඉන්න?? නැහැ.. එතකොට අපේ ජීවත්වන

රටාවට යට වෙලා කතාව ඔහේ කරන්න පෙළඹෙනව. එතනදි අනතුර තමයි මෙත් සහගත නොවීම..
ඒ වගේ ම දවසේ විහිලුවෙන් කාලය ගත කරන්න කවුද අකමැති.

විහිලුවට ගන්නෙ අනුන්ගෙ අඩුවක්. අඩුවක් කියන්නෙ අගුණයක්. අඩුවක් අරගෙන අපි ඒකට උපහාස වචන දාල කතා කරනව.

අගුණය කතා වෙනව. සත්පුරුෂ ධර්මය නේද බැහැර වෙන්නෙ. අන්න ඒ සත්පුරුෂ ධර්මය අහිමි වීමේ ශාපයට අපි ලක් වෙලා.

අපි හිතන්නෙ ඔය පොඩ්ඩක් විහිලුවක් කළාට මොකද කියල.. ඒත් බලන්න අනුන්ට විහිලු කරනකොට මොකද්ද තමාගේ

පිරිහෙන්නෙ.. මුළු නිවන්මගේ ම පදනම දුරුවල වෙනව.. ඒ නිසා මේ බුද්ධ වචනය මතක් කරගන්න..

 විශාඛාව ඡේතවනාරාමයට ගොස්‌ මල් පූජා කරනවා. ඒ ඇසිල්ලෙන් අනෙක් කාන්තාවන් තමන් ඇඳුම් අස්‌සේ සඟවාගෙන සිටි

මත්පැන් පානය කළා. අවසානායේදී මත් වූ ඔවුන් මහා හයියෙන් සිනාසෙන්නටත් කෑගසන්නටත් පටන් ගත්තා. භාග්‍යවතුන්

වහන්සේ දේශනා කරනව.
කෝනුහාසෝ කිමානන්දෝ නිච්චං පඡ්ජ ලිතේසති
අන්ධකාරේන ඔනද්දා පදීපන්න ගවේස්සථ

කවර සිනාවක්ද, කවර සතුටක්ද, නිරන්තරයෙන්ම ඇවිලුන මේ ජීවිතය
අඳුරෙන් වෙලුනු අපි කුමක් නිසා නම් ආලෝකයක් නොසොයන්නේද?  

විහිලුවෙන් මත් වෙලා ඉන්න කොච්චර ආස ද... විහිලුව කෙතරම් භයානක ද කියල තේරෙනව නේද.. සත්පුරුෂ පදනම නසන

විහිලුව අමාරුවෙන් හරි අත් හරින්න ඕනැ. නැත්නම් ධර්මයේ ඉදිරි ගමනක් නැහැ.

ඉතින් මේ ආකාරයෙන් මෛත්‍රි සහගත වචී කර්ම පුරුදු කරන්නට දුර්වලකම් අත්හැරගන්න ඕන. ඒ වගේම උපකාර සම්පන්න.

දයානුකම්පිත වචන භාවිතයට හුරු වෙන්න ඕනැ.

මේ ආකාරයට සිත කය වචනයෙන් සංවර වෙන්න වෙන්න. එයාගෙ සීලය පිරෙනවා. ඒ වගේම ගුණ දකින හිතක් ඇති කෙනාට

කළ ගුණ සිහිපත් කරන්න අවස්ථාව එනව. කයෙන් වචනයෙන් එයා ඒ අවස්ථාව දූෂණය කරගන්නෑ. එයාගේ සිත වැඩිල

සත්පුරුෂ ධර්මය තුළ බලවත්ව සිත පිහිටනව.. අන්න එයා සත්පුරුෂ භූමියටමයි එන්නේ.    

No comments:

Post a Comment