ශ්‍රද්ධාව යනු තමා තුළින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැක, එය පිළිගැනීමයි. තමාගේ ජරා මරණ දුක දකින කෙනා ඒක භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන්නා යැයි පිළිගන්න කෙනා ශ්‍රද්ධාවට පිවිසුනා වෙනවා..
Appamado
Sunday, June 25, 2017
Saturday, October 31, 2015
තමා සරණ යන්න එපා.. තමා පිහිට කොටගෙන ධර්මයේ සරණ යමු..
මේ රාගය රාගයක් ආ වෙලාවට තේරෙන්නැ ... ඒකට හිත යට වෙලා යනවා.. හිත ගිනි ගන්න රාගය නිසා නිවරණ වලින් සිත හාරා දමනවා..
Tuesday, August 4, 2015
නුවණින් විමසන්ට පටන් ගන්නා තැන
පටිච්ච සමුප්පාදය විමසන්න පුරුදු වෙන්න... පටිච්ච සමුප්පාද ධර්මය නුවණින් මෙනෙහි කරන කෙනා ධර්මයේ ආරම්භයත් අවසානයත් මනාකොට පැහැදිලි කරගන්නවා. ආරම්භයේ සිටම පටිච්ච සමුප්පාද ධර්මය භාවනා වශයෙන් වඩන්න පුරුදු කරන්න ඕන.. මේක පටන් ගන්න හොද ම ක්‍රමය තිබෙන්නේ මහාපදාන සූත්‍රයේ යි..
සෑම බුදු රජාණන් වහන්සේ නමක් ම මුලින්ම නුවණින් විමසන්නේ ජරා මරණ ගැනයි. ජරා මරණ පිළිබද නිමිති දකින බෝසතාණන් වහන්සේලා ජීවිතය ගැන විමසන්නේ ඒ ගැන ම යි.
එහෙනම් අපිත් ජරා මරණ ගැන භාවනාවක් ලෙස වඩන්න පුරුදු වෙන්න ඕන.
බෝසතාණන් වහන්සේලා හිතන්නෙ මෙහෙමයි..
‘අහෝ! මේ ලෝක සත්වයා දුකට පත් වූයේ ය. උපදින්නේ ද වේ. ජරාවට පත්වන්නේ ද වේ. මැරෙන්නේ ද වේ. එසේ චුත ව යළි උපදින්නේ ද වේ. එනමුදු මේ ජරා මරණයෙන් යුතු දුකෙන් නිදහස් වීමක් නොදන්නේ ය. කවරදාක නම් ජරා මරණයෙන් යුතු මේ දුකෙන් නිදහස් වීමක් දකින්නට ලැබේවි ද?’
අන්න ඒ සංවේගය උපදවා ගන්න ඕන. අපට ජරා මරණ ගැන සංවේගයක් නෑ.. ජරාවට පත් නොවන සඤ්ඤාවෙන් අපි ජරාවට පත්වන කය පරිහරණය කරනවා. ලෙඩ නොවන සඤ්ඤාවෙන් අපි ලෙඩ වන කය පරිහරණය කරනවා... නොමැරෙන සඤ්ඤාවෙන් අපි ලෙඩ වෙන කය පරිහරණය කරනවා.. බලන්න මෙච්චර මුළාවක් සොදුරු ජීවිතයක් ලෙස වටහාගෙන අපි දුක් විඳින්න තරම් අභාග්‍ය ද??
අන්න ඒ නිසා මේ නුවණින් විමසන ධර්මය ගෞරවයෙන් ම පුරුදු කරන්න ඕන. අන්න ඒකේ ආරම්භය තමයි තමාගේ ජරාමරණ ජීවිතය ගැන නුවණින් විමසන එක.. අන්න එයා කලකදී තේරුම් ගන්නවා ඉපදීම නිසා ම යි ජරා මරණ දුක හටගන්නේ කියන ධර්මය..
Sunday, July 5, 2015
සර්ප නැට්ට 01
ධර්මය වරදවා අල්ලගන්න එපා. තමා පවත්වන්නවත්.. ආයතනයක් පවත්වන්නවත් ධර්මය ඇපයට තියන්න එපා.. ධර්මය තිබෙන්නේ සසරින් නිදහස් වීම පිණිස ම යි.. ධර්මය ඇපයට තියල මිනිස්සු රවට්ටන එක ශාස්තෘන් වහන්සේ විසින් හෙළා දැක්ක එකක්.
කල්‍යාණ මිත්‍රයා කියන්නෙ පොත පත නෙවෙයි. ඒ සජීවි කෙනෙක්.. අකුසලයක් හිතට ආවාම පොත් දිග හැරල කියන්නැ මේන්න මගේ මේ කාරණය ගලපාගන්න කියල... සිහිය උපදවා දෙන්නෙ කල්‍යණ මිත්‍රයා විසින්.. කල්‍යාණ යහළුවන් පිරිසක් විසින්..
ධර්මයේ නො හැසිරෙන කිසි කෙනෙක් ඇසුරු කරන්න එපා.. ඒ වගේ පිරිස් අත් හරින්නත් ප්‍රමාද වෙන්න එපා.. ධර්මය කියන්නෙ පුද්ගල මතයක් නෙවෙයි... තායි බුරුම සම්ප්‍රදායන්ගේ ගුරු කුල විසින් පිරිසිදු ධර්මයට නොයෙක් අදහස් එකතු කළා.. ඒත් ලංකාවෙ පිරිසිදු ත්‍රිපිටකය ම යි අග්‍ර කරගෙන .. ඒවා කියා දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා මුල් කරගෙන මෙතෙක් පැවත ආවේ...
ඒ නිසා කිසි දා ක උපකාර කළ කෙනෙක්ගේ අගුණ හිතන්න එපා.. එහි ධර්ම මාර්ගයක් පැනවෙන්නේ නැහැ...
ඒ නිසා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙමු...
Friday, June 19, 2015
අපේක්ෂාවෙන් උපේක්ෂාවට
කිසිදාත එපා උදව් කරන්නට...
අපේක්ෂාවෙන්
අපේක්ෂාව දුකක්.
තෙවන වරටත් අපේක්ෂාවක් විසින්...
මා රැවටුවා...
මට මහන්සියි නිසාවෙන්....
මියෙන තුරු...
ඉන්නම් විවේකයකින්..
උපේක්ෂාවක මිහිර...
තනිවමයි අත් විඳින්න ඕන...
එතන දුක නෑ.. සැපත් නෑ නොවැ...
කිසිදාත එපා උදව් කරන්නට...
අපේක්ෂාවෙන්
අපේක්ෂාව දුකක්.
Monday, May 25, 2015
අකාලික දහමේ නොකල් බව...
වියපත් වන විට..
නුඹ දුක් වේවි...
ගඟට ඉනි කැපුවා යැයි කියා...
ධර්මය කියන්නට වෙහෙසුණත්..
ගන්න කෙනෙකුත් නැති නිසා..
ලෝකයට අනුවම කැරකිලා..
යන අයට මේ උතුම් නිවනට..
පිවිසෙන්න බැරි නිසාවෙන් ..
කාමයන් උදෙසා ම දිනපතා..
රැකියා කරන පිරිසට...
මේ ගැඹුරු දහමේ රසය ගැන..
වගක් නැති වන නිසාවෙන්.... නුඹ
වියපත් වන විට..
දුක් වේවි...
ගඟට ඉනි කැපුවා යැයි කියා...
කලණ මිතුරා තෝරා ගනිමු...
තථාගත
ධර්මය ස්පර්ශ කරන කෙනා ඒක
කරන්න ඕන ගෞරවයෙන් ම යි.
මේ ගෞරවය
තියුණු එකක් විය යුතුයි.
ඕනැම කාරණයක්
කෙරේ පිළිගැනිමක් ඇති වෙන්නෙ
කැමැත්ත මත.
කැමැත්ත
ඇති වෙන්න නම් ඒ කෙරේ ගෞරවයක්
තියෙන්න ඕන.
මේ ධර්ම
ගෞරවය නැති කෙනාට නිවන් මඟ
ඇහිරෙනවා .
ධර්ම ගෞරවය
ඇති කරගන්නෙ කෙසේ ද?
ධර්මය කියන
කල්‍යාණ මිත්‍රයා කෙරේ ගෞරවයත්
සත්පුරුෂ ධර්මය වැඩීමත් මුල්
කරගෙනයි.
ධර්මය තමාගේ
කරගන්නෙ තමා ම ධර්ම දැණුමක්
හදාගන්න උත්සාහ කරනකොටයි.
මගේ දැණුමක්
කියල මත් වෙලා ඔහුට වැටහෙන්න
ගන්නව තමාට අවබෝධ වුණා කියල.
ඉන් පස්සෙ
ඔහු අන් අයගේ මතවාද වලට ඇහුම්
කන් දෙන්නැ.
ඔහුට වරදිනකොට
අකුසල් හට ගන්නවා.
ධර්මය
කියාදෙන කල්‍යාණ මිත්‍රයා
කෙරේ ගෞරවය ඇති වෙන්නේ කෙසේද?
චංකී සූත්‍රය
තුළ තියෙනව කල්‍යාණ මිත්‍රයා
තෝරා ගන්න හැටි..
ලෝභ ද්වේශ
මෝහ නොපවත්වන කායික වාචසික
හැසිරීම් නැත්නම් අන්න ඒ කෙනා
තමයි කල්‍යාණ මිත්‍ර සම්පත්තියට
සුදුසු..
”පින්වත්
භාරද්වාජ,
මෙහිලා
භික්ෂුවක් එක්තරා ගමක් හෝ
නියම් ගමක් හෝ ඇසුරු කොට වාසය
කරනවා.
එහිදී
ගෘහපතියෙක් හෝ ගෘහපති පුත‍්‍රයෙක්
පැමිණ කරුණු තුනක් පිළිබඳව
විමසනවා.
එ් ලෝභය ඇති
කරවන දේවල් පිළිබඳව ත්,
ද්වේෂය ඇති
කරවන දේවල් පිළිබඳව හා මෝහය
ඇතිකරවන දේවල් පිළිබඳවයි.
එ් කියන්නේ
යම් ලෝභය ඇති කරවන දේවල් තුළින්
පෙරළී ගිය සිතින් යුතුව,
නො දන්නා
දෙයක් දනිමියි කියනව’යි කියනවා
නම් අනුන්ව ද එ් කෙරෙහි සමාදන්
කරවනවා නම්,
එ් හේතුවෙන්
අනික් උදවියට ද බොහෝ කලක් අහිත
පිණිස දුක් පිණිස පවතිනවා
නම්, එබඳු
වූ ලෝභය ඇති වන ධර්මයන් මේ
ආයුෂ්මතුන් තුළ
තියෙනවා
ද?’ කියල.
ඉතින්
මේ විදිහට ඔහු විමසද්දී මෙහෙම
තේරුම් ගන්නවා.
‘යම්
ලෝභය ඇති කරවන දේවල් තුළින්
පෙරළී ගිය සිතින් යුතුව,
නොදන්නා
දෙයක් දනිමි යි කියනවා නම්,
නො දකින
දෙයක් දකිමයි කියනවා නම්
අනුන්ව ද එ් කෙරෙහි සමාදන්
කරවනවා නම්,
එ් හේතුවෙන්
අනික් උදවියට ද බොහෝ කලක් අහිත
පිණිස දුක් පිණිස පවතිනවා
නම්,
එබඳු වූ
ලෝභය ඇති වන ධර්මයන් මේ ආයුෂ්මතුන්
තුළ නැහැ කියල.
ලෝභ
නැති කෙනෙක් තුළ යම් ආකාර
කායික හැසිරීම් තියෙනවා නම්,
වාචසික
හැසිරීම් තියෙනවා නම්,
එ් විදිහට
තමයි මේ අයුෂ්මතුන් තුළ
තියෙන්නෙ.මේ
ආයුෂ්මතුන් යම් ධර්මයක් දේශනා
කරනවා ද,
එ් ධර්මය
ගාම්භීරයි.
දැකීමට
දුෂ්කරයි.
අවබෝධයට
දුෂ්කරයි.
ශාන්තයි.
ප‍්‍රණීතයි.
තර්ක
ගෝචරයෙන් තොරයි.
සියුම්.
නුවණැත්තන්
විසින් අවබෝධ කළ යුතු දෙයක්.
ලෝභ සහගත
පුද්ගලයෙකුට නම් එ් ධර්මය
පහසුවෙන් කියන්නට බැහැ.
තවදුරටත්
ඔහු ගැන සොයා බලද්දී ලෝභය ඇති
කරවන දේවල් වලින් ඔහු නිදහස්ව
පිරිසිදුව සිටින බවට දකින්නට
ලැබෙනවා.
ලෝභ
ද්වේෂ මෝහ ප්‍රහාණය කොට වාසය
කරන්නේ කව්ද?
රහතන් වහනසේ
නේද..
එහෙනම් අපි
මෙ කල කල්‍යාණ මිත්‍රයා තෝරා
ගන්නා විට කළ යුත්තේ කුමක්ද?
ලෝභ ද්වේෂ
මෝහ ප්‍රහාණය කරන වැඩපිළිවෙලක
නියුතු,
ඒ වගේ ම ලෝභ
ද්වේෂ මෝහ ප්‍රහාණය කරන තථාගත
ධර්මය ම කියන උතුමන් වහන්සේ
නමක් නේද?
අන්න ඒ කාරණය
නිරවුල් කරගන්න ඕන..
කල්‍යාණ
මිත්‍ර ඇසුර කෙතරම් තිබුණත්
වැඩක් නැහැ තමා අසත්පුරුෂ
නම්.. තමාගේ
සත්පුරුෂ භාවය මතමයි කල්‍යාණ
මිත්‍ර ඇසුරේ වාසය කොට ධර්මය
දියුණු කරන්නට අවස්ථාව ලැබෙන්නේ.
නැත්නම්
ඔහු කල්‍යාණ මිත්‍ර ඇසුර
තිබුණත් පරිහාණියට පත් වෙන
කෙනෙක් වෙනවා..
Subscribe to:
Posts (Atom)