තථාගත
ධර්මය ස්පර්ශ කරන කෙනා ඒක
කරන්න ඕන ගෞරවයෙන් ම යි.
මේ ගෞරවය
තියුණු එකක් විය යුතුයි.
ඕනැම කාරණයක්
කෙරේ පිළිගැනිමක් ඇති වෙන්නෙ
කැමැත්ත මත.
කැමැත්ත
ඇති වෙන්න නම් ඒ කෙරේ ගෞරවයක්
තියෙන්න ඕන.
මේ ධර්ම
ගෞරවය නැති කෙනාට නිවන් මඟ
ඇහිරෙනවා .
ධර්ම ගෞරවය
ඇති කරගන්නෙ කෙසේ ද?
ධර්මය කියන
කල්‍යාණ මිත්‍රයා කෙරේ ගෞරවයත්
සත්පුරුෂ ධර්මය වැඩීමත් මුල්
කරගෙනයි.
ධර්මය තමාගේ
කරගන්නෙ තමා ම ධර්ම දැණුමක්
හදාගන්න උත්සාහ කරනකොටයි.
මගේ දැණුමක්
කියල මත් වෙලා ඔහුට වැටහෙන්න
ගන්නව තමාට අවබෝධ වුණා කියල.
ඉන් පස්සෙ
ඔහු අන් අයගේ මතවාද වලට ඇහුම්
කන් දෙන්නැ.
ඔහුට වරදිනකොට
අකුසල් හට ගන්නවා.
ධර්මය
කියාදෙන කල්‍යාණ මිත්‍රයා
කෙරේ ගෞරවය ඇති වෙන්නේ කෙසේද?
චංකී සූත්‍රය
තුළ තියෙනව කල්‍යාණ මිත්‍රයා
තෝරා ගන්න හැටි..
ලෝභ ද්වේශ
මෝහ නොපවත්වන කායික වාචසික
හැසිරීම් නැත්නම් අන්න ඒ කෙනා
තමයි කල්‍යාණ මිත්‍ර සම්පත්තියට
සුදුසු..
”පින්වත්
භාරද්වාජ,
මෙහිලා
භික්ෂුවක් එක්තරා ගමක් හෝ
නියම් ගමක් හෝ ඇසුරු කොට වාසය
කරනවා.
එහිදී
ගෘහපතියෙක් හෝ ගෘහපති පුත‍්‍රයෙක්
පැමිණ කරුණු තුනක් පිළිබඳව
විමසනවා.
එ් ලෝභය ඇති
කරවන දේවල් පිළිබඳව ත්,
ද්වේෂය ඇති
කරවන දේවල් පිළිබඳව හා මෝහය
ඇතිකරවන දේවල් පිළිබඳවයි.
එ් කියන්නේ
යම් ලෝභය ඇති කරවන දේවල් තුළින්
පෙරළී ගිය සිතින් යුතුව,
නො දන්නා
දෙයක් දනිමියි කියනව’යි කියනවා
නම් අනුන්ව ද එ් කෙරෙහි සමාදන්
කරවනවා නම්,
එ් හේතුවෙන්
අනික් උදවියට ද බොහෝ කලක් අහිත
පිණිස දුක් පිණිස පවතිනවා
නම්, එබඳු
වූ ලෝභය ඇති වන ධර්මයන් මේ
ආයුෂ්මතුන් තුළ
තියෙනවා
ද?’ කියල.
ඉතින්
මේ විදිහට ඔහු විමසද්දී මෙහෙම
තේරුම් ගන්නවා.
‘යම්
ලෝභය ඇති කරවන දේවල් තුළින්
පෙරළී ගිය සිතින් යුතුව,
නොදන්නා
දෙයක් දනිමි යි කියනවා නම්,
නො දකින
දෙයක් දකිමයි කියනවා නම්
අනුන්ව ද එ් කෙරෙහි සමාදන්
කරවනවා නම්,
එ් හේතුවෙන්
අනික් උදවියට ද බොහෝ කලක් අහිත
පිණිස දුක් පිණිස පවතිනවා
නම්,
එබඳු වූ
ලෝභය ඇති වන ධර්මයන් මේ ආයුෂ්මතුන්
තුළ නැහැ කියල.
ලෝභ
නැති කෙනෙක් තුළ යම් ආකාර
කායික හැසිරීම් තියෙනවා නම්,
වාචසික
හැසිරීම් තියෙනවා නම්,
එ් විදිහට
තමයි මේ අයුෂ්මතුන් තුළ
තියෙන්නෙ.මේ
ආයුෂ්මතුන් යම් ධර්මයක් දේශනා
කරනවා ද,
එ් ධර්මය
ගාම්භීරයි.
දැකීමට
දුෂ්කරයි.
අවබෝධයට
දුෂ්කරයි.
ශාන්තයි.
ප‍්‍රණීතයි.
තර්ක
ගෝචරයෙන් තොරයි.
සියුම්.
නුවණැත්තන්
විසින් අවබෝධ කළ යුතු දෙයක්.
ලෝභ සහගත
පුද්ගලයෙකුට නම් එ් ධර්මය
පහසුවෙන් කියන්නට බැහැ.
තවදුරටත්
ඔහු ගැන සොයා බලද්දී ලෝභය ඇති
කරවන දේවල් වලින් ඔහු නිදහස්ව
පිරිසිදුව සිටින බවට දකින්නට
ලැබෙනවා.
ලෝභ
ද්වේෂ මෝහ ප්‍රහාණය කොට වාසය
කරන්නේ කව්ද?
රහතන් වහනසේ
නේද..
එහෙනම් අපි
මෙ කල කල්‍යාණ මිත්‍රයා තෝරා
ගන්නා විට කළ යුත්තේ කුමක්ද?
ලෝභ ද්වේෂ
මෝහ ප්‍රහාණය කරන වැඩපිළිවෙලක
නියුතු,
ඒ වගේ ම ලෝභ
ද්වේෂ මෝහ ප්‍රහාණය කරන තථාගත
ධර්මය ම කියන උතුමන් වහන්සේ
නමක් නේද?
අන්න ඒ කාරණය
නිරවුල් කරගන්න ඕන..
කල්‍යාණ
මිත්‍ර ඇසුර කෙතරම් තිබුණත්
වැඩක් නැහැ තමා අසත්පුරුෂ
නම්.. තමාගේ
සත්පුරුෂ භාවය මතමයි කල්‍යාණ
මිත්‍ර ඇසුරේ වාසය කොට ධර්මය
දියුණු කරන්නට අවස්ථාව ලැබෙන්නේ.
නැත්නම්
ඔහු කල්‍යාණ මිත්‍ර ඇසුර
තිබුණත් පරිහාණියට පත් වෙන
කෙනෙක් වෙනවා..
No comments:
Post a Comment