Friday, May 15, 2015
මෙත් සිත වඩන හැටි... අනුරුද්ධ සූත්‍රය ඇසුරෙන්... මජ්ඣිම නිකාය -3 උපරි පණ්ණාසකය
ගෘහපතිය, යම් අප්‍රමාණචෙතෝවිමුක්තියක්, යම් මහද්ගතචෙතොවිමුක්තියක් ඇද්ද, මේ ධර්මයන් නානා අර්ථ ද වෙති, නානා ව්‍යඤ්ජන (කියන ක්‍රමය විවීධ) ද වෙත්. යම් පරිදි මේ දහම් නානා අර්ථත් නානා ව්‍යඤ්ජනත් වෙත් ද, ගැහැවිය, මේ ක්‍රමයෙනුදු මෙය දැනගත යුතු ය.
ගෘහපතිය, අප්‍රමාණචෙතෝවිමුක්ති නම් කුමක්ද: ගෘහපතිය, මේ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දිශාවක් පතුරුවා වාස කෙරෙයි. දෙවන දිශාව එපරිදි ම ය, තෙවන දිශාව එපරිදි මය, සතරවන දිශාව එපරිදි ම යි. මෙ සැටියෙන් උඩ ය, යට ය, හරස්අත ය, යි හැම තැන සෑම අයුරින් ම සියලු සතුන් ඇති ලොකයට විපුල ලෙස මහද්ගත ලෙස අප්‍රමාණ ලෙස වෛර නැති, තරහ නති වූ, මෛත්‍රීසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි.
මේ අයුරින් කරුණාසහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපෙක්ෂාසහගත සිතින් එක් දිශාවක් පැතිරැගෙන වාස කෙරෙයි. දෙවන දිශාව එපරිදි ම ය, තෙවන දිශාව එපරිදි මය, සතරවන දිශාව එපරිදි ම යි. මෙ සැටියෙන් උඩ ය, යට ය, හරස්අත ය, යි හැම තැන සෑම අයුරින් ම සියලු සතුන් ඇති ලොකයට විපුල ලෙස මහද්ගත ලෙස අප්‍රමාණ ලෙස වෛර නැති, තරහ නති වූ, මෛත්‍රීසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. ගෘහපතිය, මේ අප්‍රමාණචෙතොවිමුක්ති වෙයි.
ගෘහපතිය, මහද්ගතචෙතොවිමුක්ති නම් කුමක්ද :
ගෘහපතිය, මෙ සස්නෙහි මහණ එක් රුක් මුලක් පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගෘහපතිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ.
ගෘහපතිය, මෙ සස්නෙහි මහණ රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගෘහපතිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ.
ගෘහපතිය, මෙ සස්නෙහි මහණ එක් ගම්කෙතක් පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගෘහපතිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ.
ගෘහපතිය, මෙ සස්නෙහි මහණ ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගෘහපතිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ.
ගෘහපතිය, මෙ සස්නෙහි මහණ එක් මහාරාජ්‍යයක් පමණ තැන් මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගෘහපතිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ.
ගෘහපතිය, මෙ සස්නෙහි මහණ මහාරාජ්‍ය දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට වාස කෙරෙයි. ගෘහපතිය, මෙ ද මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ. ගෘහපතිය, මෙ සස්නෙහි මහණ සමුද්‍ර පර්‍ය්‍යන්ත පෘථුවිය පමණ තැන් මහත්ගත යයි අරමුණු කොටනිශ්චය කොටගෙන වාසය කෙරෙයි. ගෘහපතිය, මෙ ද මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ. ගෘහපතිය, යම් පරිදි මේ ධර්මයන් නනා අර්ථත් වෙත් ද නානා ව්‍යඤ්ජනත් වෙත් ද, එය මෙ කරුණිනුදු දතයුතු වේ.
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment