Monday, May 11, 2015
දුක හටගන්නෙ ප්‍රිය දේ නිසාමයි
කාමයන්ගේ ආදිනව පරුෂයි. තමන්ගේ විනෝදාශ්වාදය පිණිස ඇතැමුන් කරන නොයෙක් දේ නිසා දුක හටගන්නව. වහා බිදී යන කයක් උරුම කරගත් මිනිසා ඒ කයට නොයෙක් මත් ද්‍රව්‍ය පොවනව. ඒ කය රාග ගින්නෙන් දවල කාමය වරදවා හැසිරෙනව. කය නොයෙක් තැන ගෙනියනව. විනෝදය පිණිස අනතුරු දේ කරනව. අනතුරක් පිණිස විනෝදයක් ඇති දේ පරිහරණය කරගන්නටත් බය නෑ.
ධර්මය නොදන්නා එවන් පිරිසක් හැසිරෙන ආකාරය මම අද දුටුවා. කැලණි මිටියාවතේ වන පෙදෙසක දිවා යාමයේ සක්මන් කරමින් සිටි මා දුටු දේ විශ්මිතයි. තරුණ උන්මාදයෙන් ඔද්දල් වූ පිරිසක් විනෝදාත්මකව බෝට්ටු පදින ආකාරය එක්තරා විශ්මයක්. මට දුක හිතුණ. මේ අයගෙන් කෙනෙක් හෝ ගිලුනොත් එතනම ජීවිතය ඉවරයි නේද කියල මට හිතුනෙ ඔය බෝට්ටු පැදිමෙන් දිවි අහිමි කරගත්ත ගොඩක් අය ගැන මා දන්නා නිසා. ඇත්තටම කටු ගොඩකට මස් අලවා අටවාගෙන ඉන්න මේ කය අනතුරු සහිත දේට යොදවා විනෝද වෙන්න තරම් මිනිසා දුෂ්ප්‍රාඥ ද??
කොළඹ ප්‍රදේශයේ අලුත බැදපු ජෝඩුවක් මේ බෝට්ටු පැදිල්ල නිසා දිවි අහිමි කරගත්ත. විසි වෙලා ගිහින් ඔලුව ගලක වැදුණු තරුණයෙන් අර හෙල්මට් ද කුඩු කරගෙන එතනම මැරුණා. මේ වගේ තමන්ට වෙයි නේද කියල හිතන්න තරම් මොලයක් මේ පිරිසට නැත්තේ කාමයේ ආශ්වාදයේ බලයට වාල් කම් කරන නිසා ම යි.
ලස්සන වැඩේ ඒක නෙවෙයි. මා ධර්මය කියා දෙන, ඉතා සෙනෙහසින් ධර්මයේ සමාදන් කරවන කෙනෙකුත් මේ මම ගඟ උඩ බලන් ඉන්න අතරේ බෝට්ටු පැදල. අනේ සංසාරේ.. ගොන් කමේ සිමාවක් නැ නොවැ. මම ඒ වගක් එ වෙලේ දන්නව නං... මගේ අත් දෙක කපල ඒ ගගටම දානව. මොකද මගේ මේ අත් දෙකෙන් ධර්ම කරුණු ඔහු වෙනුවෙන් ටයිප් කරල ඇති අප්‍රමාණව... අනන්තව.. විනෝදය සාධාරණීකරණය කරන ලෝකයෙන් ගැලවෙන්න බැරි කොන්දක් බොහෝ අයට නෑ. තමා රැකියා කරන ස්ථානයේ වැදගත් ‘ඉවෙන්ට්‘ එකක් නාමයෙන් හෝ මේ වගේ අනතුරු දායක දේ කරන්න කෙනෙක්ට සිදු විය හැකියි. ඒත් ඒ තුළ තමාගේ වටිනා ජිවිතේ නැති කරගන්න අනතුරක් එනවා කියන එක පේන්නැ මේ මෝඩ හිත් වලට..
කියල වැඩක් නැ ඉතින්.. බොහෝ අයට තමන්ගෙ ජීවිතයට සැබැ සෙනෙහසක් නෑ. ඉතින් ඔහු ධර්මයට සෙනෙහසක් දක්වන්නේ කෙසේද? ‘දුක හටගන්නෙ ප්‍රිය දේවල් නිසා‘ කියල ධර්මය පෙන්වා දෙද්දි ප්‍රිය දේ අන්ධ ලෙස ඇසුරු කරන්න හොද නෑ..
මට කියන්න ඔන වුනේ මේකයි.. කවදවක් සත්පුරුෂයින් රවට්ටන්න නම් එපා... මක් නිස ද යත් තමා මයි එයින් රැවටෙන්නේ...
Subscribe to:
Post Comments (Atom)
Bohomath PIn lipiyata swaminwahansa
ReplyDelete